ගංගාරාම අවට රියදුරන්ට විශේෂ පණිවිඩයක් ..
අපවත් වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු සිදු කිරීම හේතුවෙන් විහාරස්ථානයේ අවට මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
අද පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන බව පොලිසිය ප්‍රකාශ කළේය.
රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග වන්නේ,
පෙරහැර මාවතෙන් සහ ජිනරතන මාවෙතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ධර්මපාල මාවත, ජේම්ස් පිරීස් මාවත හන්දියෙන් ජේම්ස් පිරීස් මාවත දෙසට ඇතුළු වීම සීමා වෙයි.
ජිනරතන මාවතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ජේම්ස් පීරිස් මාවත පෙරහැර හන්දියෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට ඇතුළු වීම සීමා වනු ඇති.
මුත්තයියා පාරෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වී කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි අතර, අල්ටෙයාර් දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි වනවා.
නවම් මාවත දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි බවත්, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන නවම් මාවත හන්දිය දක්වා පමණක් ගමන් කළ හැකි බවත් පොලිසිය සඳහන් කරයි.
මුත්තයියා පාර බේබෘක් හන්දියෙන් මුත්තයියා පාර දෙසට ඇතුළු වීම වසා ඇති අතර ජිනරතන මාවත පාක් වීදිය හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුළු වීමද අදාල කාලය තුළ වසා තැබෙනු ඇති.
පොලිසිය පැවසුවේ රාමනායක මාවත හුණුපිටිය පාර හන්දියෙන් හුණුපිටිය පාරට ඇතුළු වීමද වසා ඇති බවයි.
ආදාහන පූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ ඉඩ පහසුකම් වෙන්කර තිබේ.
