ජුනි මාසයේදී මැතිවරණයක්
By Hashini
දකුණු කොරියාවේ ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරණය සඳහා දින නියම කර තිබෙන්නේ.
ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.
දකුණු කොරියාවේ ජනාධිපති ධුරයේ කටයුතු කල යුන් සුක් යෝල්ට එරෙහිව පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණු අතර ඉන් ඔහු ජනපති ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.