ගුවන් නියමුවෙක් මගියෙක්ගෙන් හොඳටම ගුටි කයි - ගුවන් යානයම රත් වෙලා සිදුවුණ දෙය.. (VIDEO/PHOTOS)
By krishani
ගුවන් නියමුවෙකුට මගියෙකු විසින් පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී ය.
ගුවන් නියමුවා ගුවන් ප්‍රමාදය පිළිබඳව නිවේදනය කිරීමෙන් අදාළ මගියා ඒ මොහොතේ කෝප වී තිබෙනවා.
ඒ අනුව මගියා විසින් මෙලෙස ගුවන් නියමුවාට පහරදුන් බව වාර්තා වේ.
දිල්ලියේ සිට ගෝවා බලා පිටත්ව ගිය (6E-2175) IndiGo ගුවන් යානයේ දී මෙය සිදුව ඇත.
ඊයේ (14) පැවති මීදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන ආරම්භ කිරීමට පැය කිහිපයක් ප්‍රමාද වී තිබෙනවා.
මේ වන විට ගුවන් නියමුවා විසින් පහරදීම සිදුකළ මගියාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ වන විට ගුවන් සමාගම අදාළ නීතිමය කටයුතු සිදුකරන බව සඳහන් වේ.
වීඩියෝ දර්ශන - The Economic Times
Sponsored By Sarrita Jewellery