ගජමුතු වෙළදාමේ ගිය ලාන්ස් කෝප්‍රල් අත්අඩංගුවට..
By Piyumika
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (01) සවස ගජ මුතු තුනක් සමග යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු තංගල්ල නගරයේදි අත්අඩංගුවට ගෙන තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයට අනුයුක්තව සේවය කළ අයෙක්ය.
සැකකාර යුද හමුදා සෙබලා සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද පුද්ගලික තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි .
වැඩිදුර විමර්ශන තංගල්ල මුලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ඇත .