ඉදිරි දින ගැන ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම් දීමක්
By Hashini
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසන්නේ ඉදිරි දිනවලදී ඊශ්‍රායලයේ නාගරික කලාප වෙත එල්ල විය හැකි ප්‍රහාර පිළිබදව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අවධානය යොමු කළ යුතු බවයි.
ඔහු සදහන් කළේ,ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ඉරාන බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලයේ නාගරික ප්‍රදේශවලට එල්ල වූ බවයි.
එමෙන්ම, ඔහු පවසන්නේ හයිෆා නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පැරණිතම මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ල වූ බවය.
තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ප්‍රහාර හමුවේ එරට රැදී සිටි දෙදෙනෙකු ද ඊයේ ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට කටයුතු කළ බවයි.