කතුරු ඔංචිල්ලාවක් කඩා වැටීමෙන් මෙරට සිදුවූ අති බිහිසුණු අනතුර..

Report

දෙහිඕවිට ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සැණකෙළියක් අතරතුර සිදුවූ අනතුරකින් 11 හැවිරිදි ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, කතුරු ඔංචිල්ලාවක බක්කියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

කඩා වැටුණු බක්කිය තුළ සිටි 51 හැවිරිදි පුද්ගලයෙකු සහ 11 හැවිරිදි ළමයෙකු අනතුරින් තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ,සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඕවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

You may like this video 👇