වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණු හැටියක් - 1500කට වඩා එහේ.. (VIDEO)
By krishani
ඉන්දියාවේ කෝවිලක අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම සිදුවුණ අනතුරින් කාන්තාවක් මියගොස් තවත් 17කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ දිල්ලියේ Kalkaji නම් කෝවිලක ය.
එහිදී කෝවිලේ පැවති ආගමික ප්‍රසංගයක් අතරතුරදී එහි වේදිකාව බැතිමතුන් මතට කඩා වැටී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පසුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එහිදී අනාවරණය වී ඇත්තේ මේ සඳහා නිසි අවසරයක් පවා ලබාගෙන නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙම ආගමික ප්‍රසංගය සඳහා ආසන්න වශයෙන් 1,600ක පමණ පිරිසක් එක්ව සිට ඇති බව සඳහන් විය.
වීඩියෝ දර්ශන - India Today
Sponsored By Sarrita Jewellery