ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් කවුරු දින්නොත් ආසියාවට වැඩි වාසියක් ලැබෙයි ද?..ඒ ගැන මෙතනින් දැනගන්න.
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පවත්වනු ලබනවා.
කවුරු ජයග්‍රහණය කළත් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇති බවයි, ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ඇමෙරිකානු ඉතිහාසයේ පළමු උප ජනාධිපතිනිය වන 60 හැවිරිදි කමලා හැරිස් ජයග්‍රහණය කළහොත් ඇය ඇමෙරිකානු ජනපති ධුරයට පත්වන පළමු කාන්තාව, පළමු කළු ජාතික කාන්තාව, ප්‍රථම ඉන්දියානු-ඇමරිකානු සහ පළමු දකුණු ආසියාතික ඇමරිකානුවා බවට පත් වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.
ඊට අමතරව, දෙවතාවක් දෝෂාභියෝගයට ලක් වී, අධිකරණය හමුවේ වරදකරුවෙකු ද වූ ඇමෙරිකාවේ එකම ජනාධිපති ලෙස 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත්, ඔහු එක ළඟ නොව, අවස්ථා දෙකක දී ජනාධිපති ධුරයට පත්වූ පළමු ජනාධිපතිවරයා වනවා.
ඇමෙරිකන් ජනාධිපතිවරයකුට හිමිවන්නේ ධුර කාල දෙකකි. ට්‍රම්ප් 2017 සිට 2021 දක්වා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අතර, 2020 ජනාධිපතිවරණයේ දී බයිඩන්ට පරාජයට පත්වීමට සිදු වුණා.
ට්‍රම්ප් මෙම 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තවත් එක් ධුර කාලයක් ඉතිරි වූ බැවිනි.