දෙයියනේ ඇයි එහෙම එයාට වුණේ?. හැමෝම දන්න.. ජනප්‍රිය නළුවෙක් සිය රෝගය.. ප්‍රථම වරට මාධ්‍යට කියයි..(PHOTOS)
මහා බඩවැලේ පිළිකාවකට තමන් ගොඳුරු වී ඇති බවට තොරතුරු ඇමරිකානු නළු ජේම්ස් වැන් ඩර් බීක් හෙළි කර තිබෙනවා.
ඩෝසන්ස් ක්‍රීක් රූපවාහිනී කතා මාලාවේ සහ වර්සිටි බ්ලූස් චිත්‍රපටයේ රඟපෑමෙන් ප්‍රසිද්ධියට පත් අයෙකී.
47 හැවිරිදි ඔහු තම රෝග විනිශ්චය සහ ප්‍රතිකාර පිළිබඳව මාධ්‍යට හෙළි කර තිබෙනවා.
ඒ අනුව ඔහු කියා ඇත්තේ,"මට මහා බඩවැලේ පිළිකාවක් තිබේ. මම මෙම රෝගය සුවකර ගැනීමට මම ප්‍රතිකාර කරනවා'' යනුවෙන් ය.
වැන් ඩර් බීක් පවසන්නේ "ශුභවාදී" වීමට හේතුවක් ඇති බවත්, ඔහුට "සතුට දැනෙන" බවත් ය.
මහා බඩවැලේ පිළිකා වර්ධනය වන්නේ බඩවැලේ අභ්‍යන්තර ශ්ලේෂ්මලයේ වර්ධනය වන අතර ප්‍රතිකාර නොකළහොත් එය පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කාන්තාවන්ට වඩා පිරිමින්ට මෙම පිළිකාව වර්ධනය වන අතර පරීක්ෂා කිරීම් වැඩි කිරීම එය කලින් හඳුනා ගැනීමට උපකාරී වේ.
වැන් ඩර් බීක් 1990 දශකයේ අග භාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේ ජනප්‍රිය සංදර්ශන සහ චිත්‍රපට කිහිපයකම රඟපෑ අයෙක් ය.
කෙසේ වෙතත්, ඔහු 1998 සිට 2003 දක්වා දිව ගිය ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන Dawson's Creek හි Dawson Leery ලෙස රංගනයෙන් දායක ව තිබෙනවා.