කලා ලොව.. සිනහවෙන්.. ප්‍රේක්ෂක ආදරය නොමදව රැඳී ඇය මෙලොව හැරදා යන්නම යයි.. (PHOTOS)
By krishani
ස්කොට්ලන්ත විකට නිළියක වන ජැනී ගොඩ්ලි මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය මිය යන විට 63 හැවිරිදි වියේ පසු වූ බවයි.
ඇය වසර ගණනාවක් පුරා පිළිකා රෝගයක් හේතුවෙන් පීඩා විදිමින් සිට ඇත.
එයට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
Bye Ma", "Frank, get the door" යන නිර්මාණ හරහා ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
ජැනී ගොඩ්ලි, බැෆ්ටා ස්කොට්ලන්ත සම්මානය උළෙලේ හාස්‍යජනක රංගනය සඳහා නිර්දේශ වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඇය 1961 වර්ෂයේදී ග්ලාස්ගෝහි උපත ලබා තිබෙනවා.