ආයේ විදුලි උපකරණ ,වාහන ගොඩනැගිලි හීන අමතක කරන්න වෙයි - යුද උණුසුමින් ඇලුමිනියම් මිලත් අහසට
උද්ගතව ඇති මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් දෙකකට ප්‍රහාර එල්ල වීමත් සමග ඇලුමිනියම් මිල වසර හතරකට පමණ පසු ඉහළම අගය වාර්තා කර තිබේ.
ඊයේ දිනයේදී (30) විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වාහන නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහයක් වන ඇලුමිනියම් London Metal Exchangeහිදී 3%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3,401ක් ලෙස සටහන්ව ඇත.
කලාපයේ ප්‍රමුඛතම නිෂ්පාදකයා වන එමිරේට්ස් ග්ලෝබල් ඇලුමිනියම් (EGA) සමාගම සඳහන් කර ඇත්තේ අබුඩාබි හි පිහිටි තම මධ්‍යස්ථානයට දැඩි හානි සිදුවී ඇත.
මේ අතර ඇලුමිනියම් බහරේන් සමාගම ද, තම මධ්‍යස්ථානයට සිදුව ඇති හානිය පිළිබඳව මේ වන විට තක්සේරු කරමින් සිටින බව සඳහන් වේ.