ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියන් නෑ.. කියන පසුබිමක.. ගුරු සංගමය කියන දෙය මෙන්න..

Report

විභාග වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයින් 473 දෙනෙකුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද සෑහිමකට පත්විය නොහැකි බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

මේ බව එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් කියා සිටියේ ය.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.


ඒ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව පාදක කර ගනිමින් ය.

විභාග වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන්ට ගන්නා ක්‍රියාමාර්ග පිළිබද සෑහිමකට පත්විය නොහැකි බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

වහාම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළුව පිරිසක් ඉල්ලා අස් වෙයි.. වෙලා තියෙන දෙය මෙන්න..

වහාම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළුව පිරිසක් ඉල්ලා අස් වෙයි.. වෙලා තියෙන දෙය මෙන්න..


විභාග වංචා සිදු කරන අයට දඩුවමක් ලෙස සිදු කර ඇත්තේ විභාග තහනම් කිරීම පමණක් බව ඔහු පැවසීය.

එමෙන්ම, දඩුවම් ලබා දීම් නියම කරන්නේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා බලතල දී ඇති නමුත් සමහර චෝදනාවලට දඩුවම් තියා පරික්ෂණවලත් සිදු නොවන තත්ත්වයක් ඇති බව ජෝශප් ස්ටාර්ලින් සඳහන් කළේ ය.

එමෙන්ම, ඉදිරියේ දී විභාග සම්බන්ධයෙන් විශ්වාසනීය භාවයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ කාර්යය කුමක් දැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මෙහිදී ප්‍රශ්ණ කර සිටියේ ය.

සජිත්ට විශ්‍රාම ගන්න කියලා.. සුබත් පතලා.. මේ මොකක්ද වුණේ?..

සජිත්ට විශ්‍රාම ගන්න කියලා.. සුබත් පතලා.. මේ මොකක්ද වුණේ?..


කෙසේ වෙතත්, මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඊයේ(14) දැනුම් දුන්නේ ය.

එමෙන්ම, පිටවූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුන සදහා නිදහස් ලකුණු ලබාදීමටද තීරණය කර ඇත.

කෙසේ වෙතත්, මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලැසුම් අධ්‍යක්ෂවරයා සහ අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි.