මැදපෙරදිග යුද්දෙන් පැත්තක හිටපු ලංකාවත් ගුටි කයි - අපනයන සංවර්ධන මණ්ඩලයෙන් නරක ආරංචියක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ මැදපෙරදිග යුද අර්බුදයෙන් මාර්තු මාසයේ මෙරට අපනයන කටයුතු සඳහා සියයට 5 ක පමණ බලපෑමක් සිදුකර ඇති බවයි.
මෙරට සමස්ත අපනයනවලින් සියයට 8 ක ප්‍රතිශතයක් මැදපෙරදිග රටවල් සමග සිදුකරන අතර ඉන් තේ අපනයන ප්‍රතිශතය සියයට 52 ක් වේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම තත්ත්වය මත ඉදිරියේදී ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් වෙත ද අපනයන ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමුකිරීමට පියවර ගනිමින් ඇත.
එමෙන්ම මෙරට භූගෝලීය පිහිටීම අනුව පවතින යුද අර්බුද මධ්‍යයේ ආයෝජන අවස්ථා ළඟාකර ගැනීමට කටයුතු කරමින් සිටින බවද තොරතුරු වාර්තා වේ.
ඒ අනුව විදේශීය ආයෝජිකයින්ගෙන් මේ වන විටත් නව යෝජනා රැසක් ඉදිරිපත් වී ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පවසා ඇති බව වාර්තා වේ.