බස් රථ රියදුරන් හෙට කරන්න යන දේ..සියලු මගීන් මේ ගැන දැනුවත්ව ඉන්න.

Report

‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහනට සමගාමීව පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති මගී බස් රථ පරික්ෂාව හරහා තමන්ට සිය රැකියාව සිදු කර ගැනීමට විශාල බාධාවක් වී ඇති බව පවසා ලබන 07 වැනිදා සිට බස් ධාවනයෙන් ඉවත් වීමට බස් රථ රියැදුරන් තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් එම තීරණය ක්‍රියාත්මක කරන බවයි, බස් රථ ධාවකයන් පවසන්නේ.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් කරන්න යන දේ..රජයටත් රතු එළියක්.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් කරන්න යන දේ..රජයටත් රතු එළියක්.


පොලිස් නිලධාරින් විසින් බස් රථ නවතා ඊට ගොඩ වී විවිධ වැරදි කළ බව පවසමින් රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට හිරිහැර කරන බවයි ඔවුහු චෝදනා කර සිටින්නේ.

බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු සඳහන් කරන්නේ, ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නේ මෙවැනි ක්‍රියාවන් බලාපොරොත්තුවෙන් නොවන බවත් මීට වඩා දේවල් රටේ සිදු කිරීමට ඇති බවයි.

එම නිසා ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ යන වැඩසටහනට හරි හැටි හඳුනාගෙන එය නිවැරදිව ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු පොලිසියෙන් ඉල්ලීමක් කරයි.

අනිවාර්යයෙන් ඔබ මේ ලග්න වල නම් අද ඉවසීමෙන් වැඩ කරන්න..නැතිනම් වෙන දේ මෙන්න.(VIDEO)

අනිවාර්යයෙන් ඔබ මේ ලග්න වල නම් අද ඉවසීමෙන් වැඩ කරන්න..නැතිනම් වෙන දේ මෙන්න.(VIDEO)


මේ අතර ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ, මෝටර් රථ ආඥා පනත අනුව සියල්ල සිදු විය යුතු අතර ඊට පරිභාහිරව පොලිසියට හෝ කිසිවකුට ක්‍රියා කිරීමට නොහැකි බවය.

You May Like This Video