මත්පැන් පරිභෝජනය පිළිබඳව අවාසනාවන්ත ආරංචියක්
ශ්‍රී ලංකාව තුළ මත්පැන් පරිභෝජනය වේගයෙන් ඉහළ යමින් පවතින බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය (ADIC) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වේ.
2025 වසරේ දත්තවලට අනුව බියර් නිෂ්පාදනය 5%කින් සහ අනෙකුත් මධ්‍යසාර නිෂ්පාදනය 17%ක් වැනි ඉහළ අගයකින් වර්ධනය වී ඇති අතර, මීට ප්‍රධානතම හේතුව ලෙස පෙන්වා දෙන්නේ මත්පැන් මිල ස්ථාවරව පැවතීමයි.
පවතින උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව 2024 වසරේ සිට මත්පැන් මිල ඉහළ නොදැමීම හේතුවෙන්, ජනතාවට මත්පැන් මිලදී ගැනීමේ හැකියාව (Affordability) ඉහළ ගොස් තිබේ.
රජයේ සුරාබදු ආදායම යම් මට්ටමකින් වර්ධනය වී තිබුණද, මත්පැන් පරිභෝජනය ඉහළ යාම නිසා ඇතිවන සෞඛ්‍ය සහ සමාජීය පිරිවැය එම බදු ආදායමට වඩා බෙහෙවින් වැඩි බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මීට පෙර 2023 සහ 2024 වසරවලදී බදු ඉහළ දැමූ අවස්ථාවල මත්පැන් අලෙවිය පහත වැටී බදු ආදායම වර්ධනය වූ සාධනීය අත්දැකීම් ද මෙම වාර්තාව මගින් සිහිපත් කර ඇත.