අයින්ස්ටයින්ගේ අනතුරු ඇඟවීම වෙන්දේසියට..

United States of America Auction World
By Piyumika Jun 29, 2024 06:26 AM GMT
Piyumika

Piyumika

Report

භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් එවක ඇමරිකානු ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වෙත අනතුරු අඟවමින් යවන ලද ලිපියක සත්‍ය පිටපතක් වෙන්දේසි කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ .

රන් ආබරණ විකුණා මහමගදී කොල්ලකාපු වෙළඳ සැල් හිමි කරු සමග හතරක් මාට්ටු..

රන් ආබරණ විකුණා මහමගදී කොල්ලකාපු වෙළඳ සැල් හිමි කරු සමග හතරක් මාට්ටු..

ඒ අනුව විදෙස් වාර්තා සඳහන් කළේ ලබන සැප්තැම්බර් මසදී ඩොලර් මිලියන 4කට මෙම ලිපිය වෙන්දේසි කරන බවයි.

20 වැනි සියවසේ රචිත ලේඛන අතුරෙන් ඇමරිකානු ඩොලර් මිලියනයේ වටිනාකම ඉක්ම වූ පළමු වැනි ලේඛනය ද මෙය බවද සඳහන්.

චීන ජාතිකයින් 30ක් අත්අඩංගුවට..ඔබත් මොවුන්ට අසුවූ අයෙක්ද?..

චීන ජාතිකයින් 30ක් අත්අඩංගුවට..ඔබත් මොවුන්ට අසුවූ අයෙක්ද?..

එම ලිපියේ සඳහන් වන්නේ නාසි පාලනයක් සහිත ජර්මනිය න්‍යෂ්ටික පරමාණු බෝම්බ නිපදවීමට ඉඩ ඇති බවටයි.

අයින්ස්ටයින් විසින් ජනපති රූස්වෙල්ට් වෙත යතුරුලියනය කරන ලද හසුනේ මුල් පිටපත නිව්යෝක්හි හයිඩ් පාක් පිටියේ පිහිටි රූස්වෙල්ට් පුස්තකාලය සතුව පවතින අතර එහි දළ සත්‍ය පිටපතක් වැඩි ආරක්ෂාව තකා භෞතික විද්‍යාඥ ලියෝ සිලාර්ඩ් අතට පත් කිරීමට අයින්ස්ටයින් කටයුතු කර තිබුණි .

තවත් එක් නරුම පියෙකු විසින් විනාස කල තම ජීවිතයට දියණියක සාධාරණයක් පතයි..

තවත් එක් නරුම පියෙකු විසින් විනාස කල තම ජීවිතයට දියණියක සාධාරණයක් පතයි..

එම ලිපියයි සුප්‍රසිද්ධ ක්‍රිස්ටයිස් වෙන්දේසි සමාගම වෙන්දේසියට ඉදිරිපත් කරනු ලබනුයේ.

අයින්ස්ටයින්ගේ අනතුරු ඇඟවීම වෙන්දේසියට.. | Albert Einstein Letter Up For Auction