අභිනව අමරපුර මහා නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය ජනපති සුරතින්
By Gagana News
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) සිදු කෙරුණු අතර ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය.
සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ත්‍රෛනිකායික සංඝරත්නයේ වැඩමවීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.