පොලිස් ලොක්කෙකුට රෑ වෙච්ච වැඩක්.. හූ කියමින් ,කුණුහරුප කියා එළවා දමයි...දැඩි උණුසුම් තත්ත්වයක්.(VIDEO)

Report

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ දිනයේ, විරෝධතා පා ගමනක් දියත් කළ අතර, මාර්ග බාධක අසල දී ඇති වූ උණුසුම්කාරී තත්වය හේතුවෙන් පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් එම විරෝධතාවය මර්දනය කිරීමට කටයුතු කලා.

කෙසේ වෙතත් ඔවුන් එම ස්ථානයේ සිට නිදිවර්ජිතව රාත්‍රී පහන් කරන්නට අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් පැමිණි සිසුන් කටයුතු කරන බව වාර්තා වනවා.

මේ අතර රාත්‍රී, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකුට විරෝධතා කරුවන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වුණා.

කෙසේවෙතත් එම නාලධාරියාට විරෝධතාවයේ නිරත පිරිස් විසින් කුණුහරුප සහ හූ තියමින් එලවා දමන වීඩියෝවක් මේ වන වට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now