ගුවන් සේවා අඛණ්ඩව පවත්වා ගැනීමට විශේෂ රැස්වීමක්

Report

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ ඉන්ධන සැපයුම් ගැටළුව මැද ගුවන් සේවා අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (17) සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්‍රයේදී පැවැත්විණි.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වත්මන් ගුවන් සේවා ඉන්ධන තොගය, අඛණ්ඩ කළමනාකරණ ක්‍රමවේද, සහ ගුවන් සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අනාගත පියවර පිළිබඳ විශේෂ සාකච්ඡා සිදු කරන ලදී.

පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙනස්වෙයි, සුබ පණිවිඩයක්

පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙනස්වෙයි, සුබ පණිවිඩයක්

එමෙන්ම, අර්බුදයෙන් ඇතිවන අභියෝග ජය ගැනීම සඳහා ආයතනයක් ලෙස ඉන්ධන සැපයුම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරන ලදී.

සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකාරිත්ව සාමාජිකයින් සහ අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.

ජනාධිපති අද රාත්‍රීයේ විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති අද රාත්‍රීයේ විශේෂ ප්‍රකාශයක්