වහාම මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න.. මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න ඔයාටයි මේ දැනුම්දීම..

Department of Meteorology Heat wave Weather
By Piyumika Feb 18, 2025 04:25 AM GMT
Piyumika

Piyumika

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ත මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක ද පැවතිය හැකි යයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ඉල්ලා සිටී.

තවත් බිහිසුණු ගුවන් යානා අනතුරක්...(VIDEO/PHOTO)

තවත් බිහිසුණු ගුවන් යානා අනතුරක්...(VIDEO/PHOTO)

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ යන පළාත්වලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ නිසා වැඩබිම් තුළ රැදී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් දැනුම් දෙනවා.

හේතුව වඳුරද?... රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව මෙන්න...

හේතුව වඳුරද?... රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව මෙන්න...

වාහන තුළ කුඩා ළමයින් තනිවම රදවා නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

වහාම මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න.. මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න ඔයාටයි මේ දැනුම්දීම.. | Air Quality In Ratnapura Gatangama Embilipitiya

You may like this video

ReeCha