ඉන්දියාව ගැන අවාසනාවන්ත ආරංචියක්

Report

ඉන්දියාවේ දිල්ලි හි වායු ගුණාත්මකභාව ඉතා දුර්වල මට්ටමකට ළඟා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එම වායු ගුණාත්මක දර්ශකය මේ වන විට 418ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජාත්‍යන්තර ගුණාත්මක තත්ත්ව වාර්තා දර්ශකවලට අනුව එය අනතුරුදායක ලෙස සඳහන් කර තිබේ.

දිල්ලි වායු ගුණාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ඉදිරි දින කිහිපය තුළ දිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල කාණ්ඩයකට අයත් විය හැකි බවයි.

ශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇතැයිද වාර්තා වී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද ඝන මීදුම සහ ශීත තත්ත්වය පැවැති හැකි බව, සුළං තත්ත්වයේ අඩුවීමත් සමඟ මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේ පවතිනු ඇති බව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම වායු ගුණාත්මකභාවය හේතුවෙන් ළමුන්, වැඩිහිටියන් සහ ශ්වසන රෝග ඇති පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බැවින්, සෞඛ්‍ය අංශය ඔවුන්ට අවධානය යොමු කරන ලෙස දැනුම්දී ඇත.

අතිශය ජනප්‍රිය කලාතරුවක් දිවි ගමනට සමුදෙයි

අතිශය ජනප්‍රිය කලාතරුවක් දිවි ගමනට සමුදෙයි

ඒ අනුව එළිමහන් කටයුතු සීමා කිරීම, මුඛ ආවරණ භාවිත කිරීම සහ අපිරිසිදු වාතය නිවෙස් ඇතුළට ඇතුළු නොවීමට පියවර ගත යුතු බවද සෞඛ්‍ය අංශය නිවේදනය කර තිබේ.