ප්‍රදේශ රැසක අහිතකර තත්ත්වයක වර්ධනයක් ..

Report

ප්‍රදේශ රැසක වායූ ගුණාත්මක තත්ත්වය පහත වැටී තිබේ.

කොළඹ, මහනුවර, ගාල්ල සහ උතුරු පළාතේ වායු ගුණත්වය නැවතත් අහිතකර මට්ටමකට පැමිණ ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශ අජිත් ගුණවර්ධන ප්‍රකාශ කළා.

පසුගිය දා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශ වල වායු ගුණත්වය අහිතකර මට්ටමක පැවතුණා.

පොල්වතු සම්බන්දයෙන් රජය ගත්ත අලුත්ම තීරණය...(VIDEO)

පොල්වතු සම්බන්දයෙන් රජය ගත්ත අලුත්ම තීරණය...(VIDEO)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, යාපනය නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය අහිතකර මට්ටමක පවතින බවයි.

මේ අතර, යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව මාසයක් පුරා අඛණ්ඩව පරීක්ෂණ කර එහි අහිතකරකාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළා.

තවත් සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි..

තවත් සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි..

එවැනි පරීක්ෂණයකදී යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙසත් අධිකරණය විසින් පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට නියෝග කර තිබුණා.

යාපනය ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය උමාසුකී නඩරාජා නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.   

You may like this video