මෙන්න දැන් ලැබුණු ආරංචිය - මේ වැහිබර අහසම නෙවෙයි. - කොළඹ ඇතුළු ප්‍රධාන දිස්ත්‍රික්ක රැසක වායු ගෝලය දූෂණය වෙයි. - (VIDEO)

By Wayomi Nov 29, 2024 07:51 AM GMT
Report

මේ වන විට දිවයිනේ වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර තත්වයටකට පත් ව තිබෙනවා.

වාහන වායූ විමෝචන භාරකාර අරමුදල සදහන් කළේ, පෙරදිනවලට සාපේක්ෂව එම තත්වය අයහපත් බවයි.

ඒ, අනුව වායුගුණ තත්ත්ව දර්ශකයේ අගය 0 සිට 50 දක්වා පැවැතීම යහපත් සලකන අතර 101 සිට 150 දක්වා අගය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක් ලෙස සැලකෙනවා.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

ඒ අනුව අද පෙරවරුව වනවිට කොළඹ, යාපනය, වව්නියාව, මහනුවර, ගාල්ල, හම්බන්තොට සහ මොණරාගල ඇතුළු නගර 15 ක වායූ ගුණ තත්ව දර්ශකය සටහන් වී තිබුණේ, 101 ත් 150 ත් අතර සුළු වශයෙන් අහිතකර තත්වයකයි.

මෙවන් පසුබිමක කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පෙරවරුවේ සිට මීදුම් වැනි ස්වභාවයක් දක්නට ලැබෙනවා. 

ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)

ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)




You may like this video