ජාත්‍යන්තර ගුවන් සේවාව අඩාල වේ
එයාර් ඉන්දියා සමාගම ඉදිරි සති කිහිපය සඳහා එහි ජාත්‍යන්තර ගුවන් සේවා 15%කින් අඩු කිරීමට කටයුතු කර ඇත.
සමාගමේ නිවේදනයක් මඟින් දැක්වෙන්නේ, වැඩි පිරිසක් රැගෙන යන ගුවන් යානා සඳහා පවත්වාගෙන යන ජාත්‍යන්තර ගමන් මෙම අයුරින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව, ජුලි මස මැද භාගය දක්වා මෙම අඩු කිරීම ක්‍රියාත්මක වන බවද සදහන් වේ.
මෙම පියවර ගත් හේතු ලෙස, ගුවන් සේවා ක්‍රියාදාමයේ ස්ථාවරත්වය තහවුරු කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මගීන්ට ඇතිවිය හැකි අපහසුතා අවම කිරීම පෙන්වා දී ඇත.
අඩු කරන ලද ගමන් සදහා නව කාලසටහන් ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමටත්, මගීන්ට අමතර වියදමක් නොමැතිව විකල්ප සැලැස්වීම් ලබාදීමටත් සමාගම සැලසුම් කර ඇත.
මේ අතර, පසුගිය ජුනි 12 වනදා ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගතවී තත්පර කිහිපයකින් කඩා වැටීමෙන් එහි මගීන් සහ පිරිනැලියන් 270කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවද වාර්තා වේ.
