අලුත් ජීවිතයක් අරඹා දින දෙකයි – ගුවන් අනතුරකින් අහිමි වූ ආදරය

Plane Crash Flight Air India Latest Headlines Sinhala news
By Shehan Jun 14, 2025 03:57 AM GMT
Shehan

Shehan

Report

ඉකුත් 12 වන දින සිදුවූ එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර, ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 241 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින්, ලොව පුරා අවධානය ආකර්ෂණය කර ඇත. මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර, විවාහයෙන් දින දෙකකට පසු ලන්ඩනය බලා ගමන් ගත් 26 හැවිරිදි භාවික් මහේෂ්වරී නම් තරුණයෙකු ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

භාවික් මහේෂ්වරී, තම විවාහයෙන් දින දෙකකට පසු, එනම් 2025 ජූනි 10 වන දින පැවති අධිකරණ විවාහයකින් පසුව, ඔහු සේවය කළ ලන්ඩනය වෙත ආපසු යාමට එයාර් ඉන්දියා 171 ගුවන් යානයේ ගුවන් ගත වී ඇත. ඔහුගේ පියා වන අර්ජුන් මහේෂ්වරී මාධ්‍ය වෙත පවසා ඇත්තේ, භාවික් සති දෙකක කෙටි නිවාඩුවක් සඳහා ඉන්දියාවට පැමිණි අතර, එම අවස්ථාවේදී දෙමවුපියන් සහ ඥාතීන් එක්ව ඔහුගේ විවාහය සංවිධානය කළ බවයි.

අධිකරණයේදී සරල ලෙස පැවති මෙම විවාහයෙන් පසු, භාවික් ලන්ඩනයේ තම රැකියාවට ආපසු යාමට සූදානම් වූ අතර, ඔහු ආපසු පැමිණි පසු උත්කර්ෂවත් විවාහ උත්සවයක් පැවැත්වීමට ඔහුගේ දෙමවුපියන් සැලසුම් කර තිබිණි.

අර්ජුන් මහේෂ්වරී, තම පුතාගේ ඛේදවාචකය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා ඇත: “බ්‍රහස්පතින්දා (12) දහවල් 1.00ට පමණ භාවික් මට ඇමතුමක් ලබා දුන්නා. ඔහු කිව්වා ගුවන් ගමනට සූදානම් බවත්, සියල්ල හොඳින් ඉවරයි කියලත්. ගෙදර යන නිසා කරදර වෙන්න එපා කියලත් ඔහු කිව්වා. ඔහු තම අධ්‍යාපනය අවසන් කර ලන්ඩනයේ රැකියාවක නිරතව සිටියා. නමුත් පැය භාගයකට පසු, මොකද වුණේ කියලා කිසිවෙකුට තේරුම් ගන්න බැරි වුණා.” 

මෙම ගුවන් අනතුර, බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයක් ගුවන් ගතවී තත්පර 60කටත් අඩු කාලයකදී කඩා වැටීමෙන් සිදුවූ අතර, මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. භාවික්ගේ ඛේදවාචකය මෙන්ම මෙම අනතුරින් ජීවිත අහිමි වූ සියලු දෙනාගේ ඥාතීන් හා හිතවතුන්ට ලොව පුරා සිටින ජනතාවගේ ශෝකය හා සංවේගය හිමිව ඇත.

ReeCha