ගුවන් යානයක් වාරියපොලට කඩා වැටේ…(Video) (UPDATE)

Sri Lanka Sri Lanka Air Force Sinhala news
By Akash Mar 21, 2025 09:16 AM GMT
Akash

Akash

Report

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් මීට ටික වේලාවකට පෙර වාරියපොල ප්‍රදේශයට කඩා වැටී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ චීන X-8 පුහුණු ජෙට් යානයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි.

අනතුරට ලක්වීමට පෙර ගුවන් නියමුවා සහ සහය නියමුවා ගුවන් යානයෙන් ඉවතට විසි වී ඇත.

රේඩාර් සම්බන්ධතා බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 පුහුණු ගුවන් යානයක් මෙලෙස වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටී ඇති බවයි ගුවන් හමුදාව පවසන්නේ.

කෙසේ වෙතත් ගුවන් හමුදා ප්‍රකාශක සඳහන් කළේ,යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම ආරක්ෂිතව පිටතට පැමිණි බවයි.

එම යානය කඩා වැටෙන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් ගුවන් යානයෙන් පිටතට පැමිණ ඇති බවද පැවසෙනවා.

මේ වන විට ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ වන විට එම යානය කඩා වැටුණු ස්ථානයේ ගිණි ගැනීමක් සිදුවෙමින් පවතින අතර, එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ එම ස්ථානයට පැමිණ සිටින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.


ReeCha