74 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ගුවන් හමුදා පා පැදි සවාරිය ඇරඹේ
By Gagana News
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ගුවන් හමුදා පාපැදි සවාරිය අද උදෑසන වීරවිල ගුවන් හමුදා කඳවුරින් ආරම්භ විය.
පිරිමි පා පැදි තරඟය තෙදිනක් පුරා පැවැත්වෙන අතර එහි පළමු අදියර ලෙස වීරවිල සිට රත්නපුර දක්වා කිලෝමීටර 14.05 ක දුරක් ධාවනය කෙරේ.
ඒ සඳහා තරඟකරුවන් 168 දෙනෙක් සහභාගී වේ.