කොළඹ ජාතික රෝහලෙන් ලංකාවටම සුබ පණිවිඩයක්
කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ, කෘතිම බුද්ධිය (AI) සමඟ සංයුක්ත කළ අතිනවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය අද (09) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවාවන් සඳහා සාර්ථකව එක් කරනු ලැබිය.
මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා වත්මන් රජය රුපියල් මිලියන 450කට වඩා වැඩි මුදලක් වැය කර ඇත. මෙය රජයේ රෝහලක මෙවැනි අති නවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රයක් ස්ථාපිත කරන ප්‍රථම අවස්ථාව බවයි වෛද්‍ය නිලධාරීන් සඳහන් කරයි.
MRI යන්ත්‍රය ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සහ ස්නායු ශල්‍ය අංශයේ ප්‍රතිකාර සේවා වඩාත් ක්‍රමවත්, කාර්යක්ෂම ලෙස සිදු කිරීමට උපකාරී වන අතර, පැරණි යන්ත්‍ර 03 පසුගිය කාලය තුළ වරින්වර අක්‍රීයවීමෙන් ජනතාවට ඇති වූ අපහසුතා හමුවේ මෙය රෝගීන්ගේ සත්කාරක සේවාවන් වැඩි දියුණු කිරීමේ නව පියවරක් ලෙස සැලකේ.
මෙම අධුනිකතම MRI යන්ත්‍රය රෝගීන්ගේ නියමිත පරීක්ෂණ කාලය කෙටි කරමින්, රෝගී සත්කාරක ක්‍රියාකාරකම් වඩාත් විධිමත් හා නිවැරදිව සිදු කිරීමට හැකි වනු ඇත.