අද සිට දින පහකට විශේෂ වැඩසටහනක් - දරුවන් හා රැකියා වෙනුවෙන් නායකයින් එක්වේ
By Ashfa
අද (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී කෘතිම බුද්ධිය (AI) මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් "AI Impact Summit 2026" ආරම්භ වීමට සූදානම්ව ඇත.
මෙම පස්දින සමුළුව සඳහා ලෝක නායකයින් 20දෙනෙකු සහ රටවල් 45ක අමාත්‍ය මට්ටමේ නියෝජිත පිරිසක් සහභාගී වන බව වාර්තා වන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සමුළුව ප්‍රධානත්වය ගනී.
මෙම සමුළුව මගින් AI තාක්ෂණය මගින් සිදුවන සමාජීය හා පාරිසරික අවදානම් අවම කරමින්, ගෝලීය සහයෝගීතාව සඳහා පොදු මාර්ග සිතියමක් සකස් කිරීම ප්‍රධාන අරමුණ වේ.
විශේෂයෙන්ම මෑතකාලීනව මහත් ආන්දෝලනයකට තුඩු දුන් 'Deepfakes' සහ ළමුන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වන හානිකර අන්තර්ගතයන් පාලනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.