AI සහ chatGPT වලට එරෙහිව නඩු...ශාපයක් බවට ප්‍රකාශයක්

Report

ලොව පුරා අතිශය ජනප්‍රිය ChatGPT සහ OpenAI යන සේවාවලට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය ප්‍රධාන මාධ්‍ය කිහිපයක් එක්වී තිබෙනවා.

ඒ, ඔවුන්ගේ අන්තර්ගතයන් අනවසරයෙන් භාවිතා කළ බවට චෝදනා කරමින්. ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ආයතන වන ද හින්දු, ද ඉන්දියන් එක්ස්ප්‍රස්, ද ඉන්දියා ටුඩේ සහ එන්ඩී ටී වී ඇතුළු තවත් මාධ්‍ය ආයතන රැසක් මේ සඳහා එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපයි!

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපයි!

කෙසේවෙතත් OpenAI සේවාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පිළිගත් නීතිමය පූර්වාදර්ශවලට අනුකූලව ප්‍රසිද්ධියේ ලබා ගත හැකි දත්ත භාවිතා කළ බවයි ඔවුන් පවසා ඇත්තේ. ඉන්දීය මාධ්‍ය මේ බව ප්‍රකාශ කර ඇත්තේ OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් දිල්ලියට පැමිණ සිටින අවස්ථාවේදී වීම විශේෂත්වයක්.

ඉන්දියාවේ විශාලතම ප්‍රවෘත්ති ඒජන්සිය වන ඒෂියන් නිවුස් ඉන්ටර්නැෂනල් හෙවත් ඒ එන් අයි සමාගම විසින් ඉකුත් නොවැම්බර් මාසයේදී openAI සේවාවට එරෙහිව නඩු පැවරුවා. 

ප්‍රබලයින් රැසක් නැවතත් පොහොට්ටුවට... ආණ්ඩුවට සොරි වෙන්නලු යන්නේ

ප්‍රබලයින් රැසක් නැවතත් පොහොට්ටුවට... ආණ්ඩුවට සොරි වෙන්නලු යන්නේ