පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීමක් - මේ භාණ්ඩ විකුණන ය අවධානයෙන් ඉන්න

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී භාණ්ඩ 1,150කට අධික ප්‍රමාණයක් නඩු භාණ්ඩ ලෙස හෝ වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග සඳහා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.

මෙම විශේෂ වැඩසටහන අගෝස්තු 25 වන දින ආරම්භ කර අගෝස්තු 29 දක්වා ක්‍රියාත්මක කෙරුණු අතර, එහි මූලික අදියරේදී අනාවරණය වූ කරුණු සහ වෙළඳපල තොරතුරු මත පදනම්ව සැප්තැම්බර් 8 සහ 9 යන දිනවලදී නැවත වරක් ක්‍රියාත්මක කරන ලදී.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - කාලය නාස්ති නොකර වැඩේ කරගන්න විශේෂ වැඩසටහනක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - කාලය නාස්ති නොකර වැඩේ කරගන්න විශේෂ වැඩසටහනක්

නීතිමය අවශ්‍යතාවලට අනුකූල වීම, නිෂ්පාදනවල ආරක්ෂාව සහ සැපයුම් මූලාශ්‍ර හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 1,000කට අධික සංඛ්‍යාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කර ඇත.

නිසි බිල්පත්, රිසිට්පත් සහ ඉන්වොයිසි පවත්වාගෙන නොයෑම, භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කිරීමට නොහැකි වීම, අනිවාර්ය ලේබල් සහ නිෂ්පාදන තොරතුරු නොමැති වීම, වගකීම් සහතික (warranty) කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම සහ අනිවාර්ය ප්‍රමිතීන්ට අනුකූල නොවන විදුලි නිෂ්පාදන අලෙවි කිරීම වැනි නීති උල්ලංඝනය කිරීම් මෙම වැටලීම්වලදී අවධානයට ලක් විය. අදාළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා අවම වශයෙන් මාස හයක වගකීම් කාලයක් සහ නිසි ලිඛිත වගකීම් සහතිකයක් ලබා දීමේ අවශ්‍යතාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

එක්ස්ටෙන්ෂන් කෝඩ් (extension cords), මල්ටි-සොකට් (multi-sockets), ප්ලග් ටොප් (plug tops), ස්විච් සොකට්, විදුලි රැහැන්, LED බල්බ, චාජර්, ඇඩැප්ටර, විදුලි පන්දම්, විදුලි තරාදි, කේතල, අයන් (irons), විදුලි මෙවලම් සහ වෙනත් විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම් මෙම වැටලීම්වලදී හඳුනාගෙන ඇත.

අවශ්‍ය අවස්ථාවලදී, 83 දරන නියෝගය සහ අදාළ වෙනත් නීතිමය විධිවිධාන භාවිතා කරමින් සිල්ලර වෙළෙන්දාගේ සිට සැපයුම්කරු, බෙදාහරින්නා, ආනයනකරු හෝ නිෂ්පාදකයා දක්වා වන සැපයුම් දාමය ඔස්සේ විමර්ශන සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේය.

විමර්ශනවලින් අනතුරුව, නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට සාක්ෂි මගින් තහවුරු වුවහොත්, අදාළ වෙළෙන්දන්ට මෙන්ම ඊට වගකිවයුතු සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ආනයනකරුවන් හෝ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම අධිකාරිය සඳහන් කළේය. නිසි බිල්පත් සහ ඉන්වොයිසි මෙන්ම සැපයුම්කරුවන් සහ ආනයනකරුවන් හඳුනාගැනීමේ ලේඛන පවත්වාගෙන යන ලෙසත්, භාණ්ඩ අදාළ ලේබල් කිරීමේ සහ ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කරන ලෙසත්, අවශ්‍ය වගකීම් සහ වගකීම් සහතිකය ලබා දෙන බව තහවුරු කරන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙන්දන්ට උපදෙස් දුන්නේ