ණයටත් ණය වෙන්න වෙන්නේ..ලෝක බැංකුව දුන් මිලියන 500ක් නිකරුනේ විනාස වෙයි..

Sri Lanka World Bank Dollars
By Piyumika Dec 15, 2024 03:32 AM GMT
Piyumika

Piyumika

Report

‘කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය’ (ASMP-Agriculture Sector Modernization Project) යටතේ වැවිලි ක්ෂේත්‍රයට අදාළව ලෝක බැංකුව ලබාදුන් ණය මුදලින් රුපියල් මිලියන 500 ක් පමණ වටිනා ව්‍යාපෘති පනහකට වැඩි සංඛ්‍යාවක් අසාර්ථක වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය කරන ලද පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

ඉකුත් 2017 වසරේ දී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙම ‘කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය’ ආරම්භ කර ඇත.

මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න ඔයාටයි මේ අනතුරු ඇඟවීම්...

මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න ඔයාටයි මේ අනතුරු ඇඟවීම්...

ඊට ලෝක බැංකුව ඩොලර් මිලියන 48.6 ක ණයක් ද, යුරෝපා සංගමය ඩොලර් මිලියන 25 ක ප්‍රදානයක් ද ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වීමට ද නියමිතය.

කෙසේ නමුත්, මෙම ව්‍යාපෘතිය යටතේ ලැබුණු මුදල් හිටපු ඇමැතිවරයකුගේ බිරිඳක් විසින් අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධව අධිකරණයේ නඩුවක් පවා ගොනුකර අදාළ මුදල් අයකර ගැනීමට කටයුතු කර තිබේ.

ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුවෙන් ලද ණය මුදලෙන් ඩොලර් මිලියන 48 ක් වැවිලි ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ලබාදී ඇත. එම මුදලින් අදාළ දේශපාලනඥයාගේ ඥාතීන්ට, පවුලේ හිතවතුන්ට ලබාදුන් ව්‍යාපෘති 50 කට වැඩි ගණනක් අසාර්ථක වී ඇතැයි අනාවරණය වේ.

උඩු දුවන මැති සබේ අධ්‍යාපන සුදුසුකම් ගැටලුව .. නොදුන් තොරතුරුත් දාලා..

උඩු දුවන මැති සබේ අධ්‍යාපන සුදුසුකම් ගැටලුව .. නොදුන් තොරතුරුත් දාලා..

මෙම ව්‍යාපෘති අසාර්ථකවීම නිසා රුපියල් මිලියන 500 කට අධික පාඩුවක් සිදුවී ඇති බව තහවුරු වී තිබේ. අදාළ පාඩුව ලෝක බැංකුවට ගෙවීමට සිදුවී ඇත.

මේ සම්බන්ධව අමාත්‍යාංශය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ. කෙසේ නමුත් කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ සාර්ථකත්වයට පත්වූ ව්‍යාපෘතිවලින් ඩොලර් මිලියන 250 කට වැඩි අපනයන ආදායමක් ද උපයා ඇතැයි ද තොරතුරු අනාවරණය වේ.  

You may like this video

ReeCha