ටීච අම්මා යළිත් කරළියට.පහර කෑ තරුණයා ලයිට් නිවලා කෙල්ලට කරපු දේ එළියට?

Report

පසුගියදා ජනප්‍රිය ශිෂ්‍යත්ව පන්ති පවත්වන ගුරුවරියක් විසින් තරුණයෙකුට එල්ල කළ පාප පරක් නිසා ඔහු රෝහල් ගතවී ප්‍රතිකාර ලැබුවේය.

ඒ අනුව අදාළ තරුණයා රෝහල්ගතව ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී පෙර කී ආයතනයේ සේවය කළ 24 හැවිරිදි අවිවාහක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් 19 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නමැති සැකකරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර එහි විමර්ශන ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඊයේ (16දා) මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළාය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

අධිකරණය ලබාදුන් නියෝග අනුව එම සැකකරු ඊයේ (16දා) ප්‍රථමවරට අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකරු රුපියල් ලක්‍ෂ පහක ඇප බැඳුම්කරයක් මත නිල වශයෙන් මුදාහරිමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය. එම සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් පෙර කී චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබූ අතර, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයකු විසින් පසුගිය මැයි 17 වැනිදා ඇප බැඳුම්කරයකට යටත්ව ඔහු මුදාහැරීමට නියෝග කොට තිබිණි.

සැකකරු පසුගිය මැයි මස 6 වැනිදා රාත්‍රි 9.30ට පමණ ඔහු සේවය කළ කාමරයේ විදුලිය විසන්ධි කොට ඉන් පිටවන අවස්ථාවේදී එම තරුණියගේ අතකින් අල්ලා ඔහුවෙත ඇදගෙන ඇගේ ලිංගික ප්‍රදේශය මිරිකා සිප ගැනීමට උත්සාහ කර ඇති බවත් ඒ පිළිබඳව ආයතනයේ බලධාරීන්ට පැමිණිලි කර ඔහුත් කැඳවාගෙන පොලිසියට ගොස් ඒ පිළිබඳ පැමිණිලි කළත් කටාන පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමක් හෝ සිදුකර නොමැති බවත් අගතියට පත් තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

භාතිය නැතිවෙලා සතියක් නෑ, දුම්රියක ගැටී තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට

භාතිය නැතිවෙලා සතියක් නෑ, දුම්රියක ගැටී තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට

කටාන පොලිසිය ක්‍රියාකළ ආකාරය අනුව තමන්ට සාධාරණයක් ඉටුනොවන බව වටහාගත් මෙම අතවරයට ලක්වූ තරුණිය ළමා හා කාන්තා කාර්යාංශයට හා වැඩබලන පොලිස්පතිවරයාට කළ පැමිණිලි අනුව විමර්ශන කටාන පොලිසියෙන් ඉවත් කර මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ මේ වනවිට ආරම්භ කොට ඇත.

ඒ අනුව විමර්ශන කඩිනම් කිරීමට නියෝගයක් කරනා ලෙස ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ගීත්මා ප්‍රනාන්දු, නිරෝෂන් සිරිවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනි සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මොකෝ හදිස්සිය අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට ඒවා ඉටු කරන්න තව කල් තියෙනවා - චතුරංග

මොකෝ හදිස්සිය අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට ඒවා ඉටු කරන්න තව කල් තියෙනවා - චතුරංග

සැකකාර තරුණයා වෙනුවෙන් නීතිඥරන්ජන් ජයසිංහ මහතා පෙනි සිටි අතර, පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල් උදය කුමාර යන මහත්වරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙනුවෙන් පෙනී සිටියහ.නීතිඥ චාන්දනී දයාරත්න හා නීතිඥ ආශා රත්නායක යන නීතිඥ මණ්ඩලය අගතියට පත් පාර්ශ්වය නියෝජනය කළේය.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?