පීඩාවට පත් මගීන් වෙනුවෙන් විශේෂ ශ්‍රී ලංකන් යානයක් රෝමයට

Report

ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් පීඩාවට පත් මගීන්ට සහන සැලසීම සඳහා රෝමය බලා විශේෂ ගුවන් යානයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව අද(09) දින UL 1213 දරන විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඉතාලියේ රෝම ෆියුමිසිනෝ ගුවන්තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ. ​

මේ වනවිට විශේෂ ගුවන් ගමන සඳහා එයාර් බස් A330-343 වර්ගයේ ගුවන් යානයක් යොදවා ඇති බව වාර්තා වේ.

ඒ වගේම මෑතකාලීනව ඇති වූ ගෝලීය ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් අතරමං වූ මගීන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙය ක්‍රියාත්මක කර ඇති බව සදහන් වේ.

රියාද් සහ ඩුබායි වෙත ගුවන් ගමන් යළි අරඹයි

රියාද් සහ ඩුබායි වෙත ගුවන් ගමන් යළි අරඹයි

පසුගිය දින කිහිපය පුරා විවිධ ගුවන් සේවාවන්හි ගමන් වාර අවලංගු වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටි මගීන් පිරිසකට මෙමගින් සිය ගමනාන්ත වෙත ළඟා වීමට අවස්ථාව සලසා දී ඇති බව වාර්තා වේ ​විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රෝමය බලා සිදුකරනු ලබන සිය නිත්‍ය ගුවන් ගමන් වාර 2016 වසරේ මැයි මාසයේ සිට අත්හිටුවා තිබීමයි.

තවද වසර දහයකට ආසන්න කාලයකට පසුව ජාතික ගුවන් සේවයේ ගුවන් යානයක් ඉතාලියේ අගනුවර වෙත මෙලෙස ගමන් කිරීම සුවිශේෂී සිදුවීමක් බවත්, මගී අවශ්‍යතා සලකා බලා මෙවැනි තීරණාත්මක මැදිහත්වීම් සිදුකරන බවත් ගුවන් සේවා ආරංචි මාර්ග තව දුරටත් සදහන් කර තිබේ