කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණ හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් 6කට සහ මුලතිව් දිස්ත්‍රික්කයට දැඩි අකුණු සහ තද සුළං

Report

දැඩි අකුණු සහිත ගිගුරුම් වැසි පිළිබඳව දිවයිනේ පළාත් හයක් සහ මුලතිව් දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද  පෙරවරු 11.30ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම අද රාත්‍රී 11.30 දක්වා බලාත්මක වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක දැඩි අකුණු සහිත ගිගුරුම් වැසි ඇති වීමේ හැකියාව පවතී.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ප්‍රබල සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ. අකුණු අනතුරුවලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද මේ අයට 1 න් පසු මි.මී. 75 ට වැඩි වර්ෂාපතනයක් - කල් ඇතුව සූදානම් වන්නැයි නිවේදනයක්

අද මේ අයට 1 න් පසු මි.මී. 75 ට වැඩි වර්ෂාපතනයක් - කල් ඇතුව සූදානම් වන්නැයි නිවේදනයක්