රඹුක්කන ඇවිදීමේ ශුරයාගේ නවතම වික්‍රමය. (PHOTOS/VIDEO)
By Wayomi
රඹුක්කන ප්‍රදේශයේ ඇවිදීමේ ශුර එස්.පී. වික්‍රමසිංහ ක්‍රිඩකයාගේ නවතම වික්‍රමය අදින් (09) අවසන් වෙයි.
ඔහු 2023.08.29 දෙවුන්දර තුඩුවෙන් පා ගමනක් ආරම්භ කළ අතර එලෙස කි.මි 600ක දුරක් දින 12 වැනි අවම කාලයකින් ගමන් කර නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමටයි ඔහු බලාපොරොත්තු වන්නේ.
මොහු ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ තරග රැසකට සහභාගී වී ඉන් ලක් මෑණියන් රනින් සැරසූ අභිමානවත් ක්‍රීඩකයෙකි.
තවද ඔහු මීට පෙර 2011 වර්ෂයේ රඹුක්කන අශෝක කරුණාරත්න ක්‍රිඩාංගනය තුල වට 500ක් (200m) ධාවන පථය තුල අඛණ්ඩව ඇවිද නව ශ්‍රි ලංකා වාර්තාවක්ද පිහිටවු ක්‍රිඩකයෙක්.
මොහු වයස අවු 59ක් වුවත් තරුණයෙකු ලෙස දක්ෂකම් පෑවද ඔහුගේ තේමා පාඨය වී ඇත්තේ, ක්‍රීඩාවන් නිරෝගී සිරුරක් සහ සුවබර මනසක් යන්නයි.










