ADB ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සුබ ආරංචියක්..

Report

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන 150ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට අද (19) අත්සන් කළේය.

මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාගැනීමේ මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකරනු ලැබීය.

ප්‍රදේශ රැසක අහිතකර තත්ත්වයක වර්ධනයක් ..

ප්‍රදේශ රැසක අහිතකර තත්ත්වයක වර්ධනයක් ..

ඒ අනුව අදාළ ණය මුදලට ඉකුත් නොවැම්බර් මාසයේදී අනුමැතිය හිමිවිය.

මෙම ණය මුදල භාවිතා කර මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇත.

තවද ඉදිරියේදී රට තුළ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක්ද ඉදිකිරීමට බලාපොරොත්තු වේ.

පෙම්වතා වෙනතක් බැලුවාදැයි සැකයට තරුණියක් කරපු දෙයක්..

පෙම්වතා වෙනතක් බැලුවාදැයි සැකයට තරුණියක් කරපු දෙයක්..

ඒ අනුව මෙම ණය මුදල හරහා නව ග්‍රිඩ් උපපොළවල් 6ක් ඉදිකිරීම, කි.මී. 87ක් දිග ද.වො. 132ක සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම, කි.මී. 45ක් දිග ද.වො. 220ක් සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම හා දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම යනාදිය සිදුකිරීමට නියමිතය.

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම මිලියන 7.5ක් වූ පාරිභෝගික සංඛ්‍යාවකට විදුලිය බෙදා හරියි.

බෙදාහැරිම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කි.මී. 3,400ක් වූ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග හා ග්‍රිඩ් උපපොළ 90කින් සමන්විතය.

You may like this video