පෙම්වතා වෙනතක් බැලුවාදැයි සැකයට තරුණියක් කරපු දෙයක්..

By Piyumika Dec 18, 2024 08:53 AM GMT
Report

සිය පෙම්වතා වෙනත් සබඳතාවයක් පවත්වාගෙන යන බවට සැක සිතුණු තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බව මුන්දලම පොලිසිය සඳහන් කරනවා.

ඇය මෙසේ දුම්රියට පැන ඇත්තේ, මුන්දලම නවඩන්කුලම ප්‍රාදේශයෙදීයි.

ප්‍රදේශ රැසක අහිතකර තත්ත්වයක වර්ධනයක් ..

ප්‍රදේශ රැසක අහිතකර තත්ත්වයක වර්ධනයක් ..

මෙලෙස මියගොස් තිබෙන්නේ, මුන්දලම නුගසෙවන ගම පදිංචි පියුමි මල්ලානී නැමති 20 හැවිරිදි තරුණියක්. ඇය මාරවිල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කර ඇති අතර, ඇය එම ආයතනයේම සේවය කළ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා.

එමෙන්ම ඔහු නිරන්තරයෙන් ඇයගේ නිවසට පැමිණ ඇති බවයි පොලිසියට අනාවරණය වී තිබෙන්නේ.

එමෙන්ම දෙදෙනා නිරන්තරයෙන් දුරකථනය ඔස්සේ බහින් බස් වී ඇති බවටයි ඇයගේ මව පොලිසියට පවසා ඇත්තේ.

කෙහෙළියගේ තවත් රුපියල් ලක්ෂ 200ක වත්කම් අත්හිටුවයි..

කෙහෙළියගේ තවත් රුපියල් ලක්ෂ 200ක වත්කම් අත්හිටුවයි..

තරුණිය මුහුණ සෝදාගෙන ඒමට යන බව මවට පවසා නිවසින් පිටව ගොස් ඇති අතර, පසුව මව ඈත දුම්රියක් පැමිණෙන බව දැක දියණියට කෑ ගැසුවද ඇය මවට අත වනා එකවරම දුම්රිය මාර්ගයේ බිම වාඩිවී ඇති බවටයි කරුණු සඳහන් වෙන්නේ.

මෙලෙස දුම්රියේ ගැටී බරපතළ තුවාල ලැබූ තරුණිය එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

ඇයගේ මෘත ශරීරය පුත්තලම මුලික රෝහලේ තැන්පත් කර තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මුන්දලම පොලිසිය සිදුකරනු ලබනවා.

You may like this video