ලාංකීය සිනමාව පුංචි තිරය සිය රංගනයෙන් හැඩගැන්වූ ප්‍රවීණ රංගන ශිල්පියෙකු මිය යයි
දේශීය රංගභූමිය, සිනමාව සහ පුංචි තිරය එකලෙස ආලෝකමත් කළ විශිෂ්ට කලාකරුවෙකු වන ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් මහතා මෙලොවින් සමුගෙන තිබේ.
"තාරාවෝ ඉගිලෙති" නාට්‍යයේ ඇතුළත් "සෝබාව දේ මෙපුර – සිරි විසිතුරු" යන සදාකාලික රසික ආදරය දිනූ ගීතය ගායනා කරමින් මෙරට ප්‍රේක්ෂක පරපුර අතර නොමැකෙන මතකයක් ඉතිරි කිරීමට ඔහු සමත් විය.
ඔහුගේ කලා පියවරයන්හි සුවිශේෂීම සන්ධිස්ථානයක් සනිටුහන් වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය "මනමේ" නාට්‍යයේ ප්‍රධාන චරිතය වන මනමේ කුමරුට අසිරිමත් ලෙස පණ පෙවීමෙනි.
අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්
රංගනයෙන් පමණක් නොව, දක්ෂ උඩරට නර්තන ශිල්පියෙකු ලෙසද ක්ෂේත්‍රයේ ප්‍රකටව සිටි ඒ මහතා, තමන් සතු සහජ හැකියාවන් සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව පෝෂණය කිරීම සඳහාද නොමසුරුව දායක කළේය.
නරි බෑනා, කදාවළලු, මධුර ජවනිකා, සක්කාය දිට්ඨි සහ අසාත මන්තරේ ඇතුළු මෙරට නාට්‍ය ඉතිහාසයේ ප්‍රධානතම වේදිකා නිර්මාණ රැසක රසය මතුකළ ඔහු, ගේ කුරුල්ලෝ, මලට නොඑන බඹරු, අළු යට ගිනි, භේරුණ්ඩ පක්ෂියා සහ සුදු අප්පච්චි වැනි සිනමාපට හරහා රිදී තිරය මතද තමන්ගේම අනන්‍යතාවක් සනිටුහන් කළ ප්‍රබල කලාකරුවෙකි.