ලංකාවේ දූපතක් ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි. - ශ්‍රී ලංකා රජයේ තීරණය මෙන්න.

By Wayomi Dec 24, 2024 06:05 AM GMT
Report

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට එරට ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් කච්චතිවු දූපත ඉන්දියාවට ලබාගත යුතු බවද එම යෝජනාවේ දැක්වෙන්නේ.

එම පක්ෂයේ නායක සහ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

එමෙන්ම සම්මත කරගන්නා ලද යෝජනාව ඉන්දියාවේ මධ්‍යම රජය වෙතය යොමු කිරීමටද එහිදී තීරණය වී ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත් නොමැති බවත්, ඉන්දීය විසින් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළහොත් සලකා බලන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ, අද(24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

රාජ්‍ය සේවකයින්ට බෝනස් දීමනා චක්‍රලේඛය නිකුත් කරයි.

රාජ්‍ය සේවකයින්ට බෝනස් දීමනා චක්‍රලේඛය නිකුත් කරයි.


You May Like This Video