පෙම්වතිය රවටන්න ගිය පෙම්වතාට නොහිතපු දෙයක් සිදුවෙලා..

Report

සිය පෙම්වතිය බිය කිරීමට බෙල්ලේ ලණුවක් ගැට ගසාගෙන මියයන බව කී තරුණයෙකු ලණුවේ ගැටය සිරවීම හේතුවෙන් මියගිය සිද්ධියක් වාර්තා වේ .

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව බෝගස්වැව පදිංචි 17 හැවිරිදි තරුණයෙකි .

සුද්දා එක්ක පැනගිහින් ගංගාවකුත් තරණය කර කැලෑවක හැන්ගිලා ඉද්දී මාට්ටු..

සුද්දා එක්ක පැනගිහින් ගංගාවකුත් තරණය කර කැලෑවක හැන්ගිලා ඉද්දී මාට්ටු..

ඔහු නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර දෙදෙනා අතර කිසියම් හේතුවක් මත බහින් බස් වීමෙන් පසුව තරුණිය බිය කිරීමට සිතා ඔහු ගෙළ වැළලාගෙන මියයන බව ප්‍රකාශ කොට ඇත.

තරුණිය ජීවත් වූ නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහු ගෙළ වැළලාගෙන මිය යන බව රඟ දැක්වීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ ගෙලෙහි බැදගෙන තිබූ ලණුවේ ගැටය සිරවීම නිසා ඔහු මියගොස් තිබෙන බවයි පොලිසිය පවසනුයේ .

අපරීක්ෂාකාරී රියදුරෙකු නිසා වෛද්‍යවරයෙකුට දිවි අහිමි වේ..

අපරීක්ෂාකාරී රියදුරෙකු නිසා වෛද්‍යවරයෙකුට දිවි අහිමි වේ..

අවට සිටි පිරිසක් වහාම ලණුව කපා ඔහුව වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව සදහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මාමඩුව පොලීසිය පරීක්ෂණ සිදු කරනු ලබයි .