පාසල් තාප්පය අසල සෙල්ලම් කරමින් සිටි පුංචි මල් කැකුළකට අත් වූ අවාසනාවන්ත ඉරණම..

By Piyumika Nov 19, 2024 07:53 AM GMT
Report

ඉන්දියාවේ කාන්පූර්හි පිහිටි පාසලක තාප්පයේ මෝටර් රථයක් ගැටීමෙන් පාසල තුළ සෙල්ලම් කරමින් සිටි අට හැවිරිදි සිසුවෙක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය ..

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය ..

අනතුරින් පස් හැවිරිදි සිසුවියක් ද බරපතල තුවාල ලබා තිබෙන බවටයි වාර්තා වෙන්නේ. මෙසේ මිය ගොස් ඇත්තේ, කාන්පූර් දෙහත්හි ගුජයිනි ගම්මානයේ පදිංචිව සිටි ආර්යන් සචන් නැමති සිසුවෙක්.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථයේ රියදුරු ඇතුළු එහි සිටි සිව්දෙනාම බීමත්ව සිටි බවත්, පසුව වාහනයේ තිබී හිස් මත්පැන් බෝතල් සොයා ගෙන ඇති බවත්, මාධ්‍ය වාර්තා කරනවා.

ඔන්න ඕකයි ප්‍රශ්නේ..දුරකථනේ ඇතුලෙත් ලැයිස්තුවට පොරේ..

ඔන්න ඕකයි ප්‍රශ්නේ..දුරකථනේ ඇතුලෙත් ලැයිස්තුවට පොරේ..

ඒ අනුව, එහි සිටි එක් පුද්ගලයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ, ඊයේ (18) පස්වරු 2ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බවයි. එමෙන්ම මෝටර් රථය ප්‍රථමයෙන්ම සිසුවිය මතින් ධාවනය වී ඇති අතර, පසුව සිසුවා ද බිමට ඇද දැමූ බවයි ඇය සඳහන් කර තිබෙන්නේ.

You may like this video


Gallery