අලුයම ඇඟේ හිරිගඩු නංවමින් තවත් බිහිසුණු බස් අනතුරක් ....

By Piyumika Jan 20, 2025 01:56 AM GMT
Report

අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

මිලියන ගණනක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් TikTok ක්‍රියාවිරහිත වෙයි...

මිලියන ගණනක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් TikTok ක්‍රියාවිරහිත වෙයි...

පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

බස් රථයේ මඟීන් 49ක් පමණ ගමන් කර ඇති අතර අනතුරින් බස් රථයේ රියදුරු සහ රිය සහයක සමඟින් මඟීන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර පසුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇත.

මේ මේ..හරි හුරතල් මේ.. මිලියන ගණනකට වයිරල් වූ වීඩියෝව...(VIDEO)

මේ මේ..හරි හුරතල් මේ.. මිලියන ගණනකට වයිරල් වූ වීඩියෝව...(VIDEO)

අනතුරට හේතුව බස් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරි රිය ධාවනය බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.  

අලුයම ඇඟේ හිරිගඩු නංවමින් තවත් බිහිසුණු බස් අනතුරක් .... | Accident Case

You may like this video