අනේ කොහොම දරන්නද මේ දුක..ඇසිල්ලකින් කිරිකැටියෙක්ට ජීවිතය අහිමි වූ සැටි..

By Piyumika Jan 09, 2025 03:31 AM GMT
Report

 පොළොන්නරුව - සෝමාවතිය මාර්ගයේදී ත්‍රී රෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ කැබ් රථයක ගැටී සිදු වූ අනතුරකින් එකම පවුලේ මාස 9 ක් වයසැති බිළිදෙකු මියගොස් තවත් ළමයින් 3 දෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රි රෝද රථයේ රියදුරු තුවාල තැබුවා.

තවත් සුපිරි ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි..

තවත් සුපිරි ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි..

ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මිය ගිය සහ තුවාල ලැබූවන් පොළොන්නරුව - කළහගල ප්‍රදේශයේ පදිංචිකරුවන්.තුවාල ලැබූ දරුවන් අවුරුදු 3 හමාර, 5 සහ 17 යන වයස්වල පසුවන අතර කාන්තාවන් දෙදෙනා අවුරුදු 26 සහ 47 යන වයස්වල පසුවනවා.

ත්‍රිරෝද රථ රියදුරු 56 හැවිරිදි වියේ පසුවන අතර මොවුන් ප්‍රතිකාර ලබන්නේ පොළොන්නරුව මහරෝහලේයි.

මේ අතර, පොල්ගස්ඔවිට - මත්තේගොඩ මාර්ගයේ, සියඔලාගොඩ ප්‍රදේශයේදී ඊයේ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී යාමෙන් අවුරුදු 18 ක් වයසැති තරුණයෙකු මිය ගියා.

2025 වසර සඳහාවන අයවැය පළමුවර කියවීම සදහා අද පාර්ලිමේන්තුවට..

2025 වසර සඳහාවන අයවැය පළමුවර කියවීම සදහා අද පාර්ලිමේන්තුවට..

සිද්ධියෙන් තුවාල ලැබූ පසු පැදිකරු වෑතර රෝහලට යොමු කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, පූගොඩ, චුන්නාකම් සහ මැදවච්චිය යන ප්‍රදේශවලින් ද ඊයේ රිය අනතුරු වාර්තා වී ඇති අතර එහිදී ද තුන්දෙනෙකු මිය ගොස් ඇත.

You may like this video