කිරි සිහිනයක් හිත දරන් ලොරි රථයට ගොඩවූ ඇය සිහිනෙකින්වත් මෙවන් විපතක් නොසිතන්නට ඇති..

By Piyumika Nov 05, 2024 08:02 AM GMT
Report

 නතර කර තිබූ ලොරි රථයක සිටි ගැබිණි කාන්තාව එම රථයත් සමග මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 20ක පමණ ප්‍රපාතයට පෙරලී තිබෙනවා.

ඇප ලැබුණු නිසා ජොන්ස්ටන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලපු පෙත්සම ඉල්ලා අස්කර ගෙන..

ඇප ලැබුණු නිසා ජොන්ස්ටන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලපු පෙත්සම ඉල්ලා අස්කර ගෙන..

මෙම අනතුර සිදුව ඇත්තේ අද (05) දහවල් 12ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මූලික රෝහල ආසන්නයේදීයි.

අනතුරින් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිණි කාන්තාව තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ගැන විහාරාධිපතිවරුන් බහුතරයක කිසිදු අකමැත්තක් නෑ..

විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ගැන විහාරාධිපතිවරුන් බහුතරයක කිසිදු අකමැත්තක් නෑ..

ගැබිණි කාන්තාවගේ සායන කටයුතු සඳහා ඇයගේ සැමියා විසින් ලොරි රථයෙන් ඇයව රෝහල වෙත රැගෙනවිත් ඇති අතර, පසුව ඇයව නැවතත් ලොරි රථය වෙත ඇරලවා තිබෙනවා.

ඇය ලොරි රථයේ අසුන් ගැනීමත් සමග එම රථය රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වී මෙසේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලී ඇති බවයි නොර්වුඩ් පොලිසිය පවසන්නේ.