අහංගම දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්....එක් අයෙක් මරුට
By Hashini
අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබෙනවා.
අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි.
මෙම ත්‍රිරෝද රථය ගැටී ඇත්තේ බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේයි.