දන්සල් වඳින්න ගිය පාසල් දැරියක්ව කනත්තක තියන් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය ගැන එළියට ආ අලුත්ම අනාවරණය. - (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Child Abuse School Children
By Wayomi Jun 23, 2024 02:56 PM GMT
Wayomi

Wayomi

Report

හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 8දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද (23) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී ඇති අතර එම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

16 හැවිරිදි පාසල් සිසුවියක් ඇයගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් සමූහ දූෂණයකට ලක්කිරීමේ සිදුවීම ඉකුත් 21වනදා වාර්තා වුණේ හංවැල්ල ජල්තර ප්‍රදේශයෙනි.

ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි.

ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි.


අදාළ දැරිය ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතාගේ නිවසේදී ඔහු සමග ලිංගිකව එක්ව ඇති අතර පසුව පෙම්වතාගේ මිතුරන් දෙදෙනෙකුද ඇය සමග ජල්තර ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින ආදාහනාගාරයකදී ලිංගිකව එක්ව ඇති බව සඳහන්.

පසුව ඔවුන්ගේ තවත් මිතුරන් තිදෙනෙකු ද එහි පැමිණ ඇයව දූෂණයට ලක්කර ඇති අතර අනතුරුව සිය නිවස කරා යෑමට එම දැරිය සැකකාර තරුණයන්ගෙන් මුදල් ඉල්ලා ඇතත් ඔවුන් ඇයට ලබාදී තිබුණේ රුපියල් 40ක් පමණයි.

හැමෝම හොය හොයා බලපු ඇන්තනී ෆැමිලි එකේ ලොකු මුණුබුරාගේ බෞතීස්ම උත්සවය. - ඔබ නොදුටු දසුන්. - (PHOTOS)

හැමෝම හොය හොයා බලපු ඇන්තනී ෆැමිලි එකේ ලොකු මුණුබුරාගේ බෞතීස්ම උත්සවය. - ඔබ නොදුටු දසුන්. - (PHOTOS)


කෙසේ වෙතත් ඔවුන් යතුරු පැදියකින් දැරිය ආටිගල මංසන්ධියට ගෙනැවිත් දමා තිබුණි.

අනතුරුව නිවසට යෑමට නොහැකිව හඬමින් සිටි දැරියව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හමුව තිබුණේ ඒ අතරවාරයේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (22) රාත්‍රීයේ අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ වනවිට සැකකරුවන් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ දැරියගේ පෙම්වතාද ඒ අතර සිටිනවා.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.


මේ අතර මේ වනවිට රෝහල්ගත කර සිටින දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඇය සිදුවීමෙන් පසුව සිය පෙම්වතාට යැවූ කෙටි පණිවුඩයක් පොලිසිය සොයාගෙන ඇති අතර එහි සඳහන්ව ඇත්තේ "ඔය දෙන්නට මුකුත් වෙන්න දෙන්නේ නැහැ" යනුවෙන්.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම පණිවිඩයෙන් දැරිය සිය පෙම්වතා සහ ඇයව සිදුවීම සිදු වූ ස්ථානයට රැගෙන ගිය තරුණයාව බේරාගන්නා බවට අදහස් කර ඇති බවයි.

ඔබත් මේකට ගියාද? - බොරැල්ල කනත්ත එහා පැත්තේ හැදුනු භුත මන්දිරය. - (VIDEO)

ඔබත් මේකට ගියාද? - බොරැල්ල කනත්ත එහා පැත්තේ හැදුනු භුත මන්දිරය. - (VIDEO)


 කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පමත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ හංවැල්ල පොලිසිය මගින් සිදුකරනු ලබනවා.