ටොයෝටා මෝටර් රථ සමාගම විශේෂ තීරණයක් ගනී..

Report

ටොයෝටා සමාගම ලොව පුරා බෙදා හරිනු ලැබූ මෝටර් රථ මිලියන 1.12ක් නැවත ගෙන්වීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ කාණ්ඩ කිහිපයක මෝටර් රථවල Occupant Classification System (OCS) සංවේදක ක්‍රියා නොකිරීමට හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ටොයෝටා මෝටර් රථ සමාගම විශේෂ තීරණයක් ගනී.. | About Toyota Motor Car Spacial Disision

ඒ අනුව, 2020 සිට 2022 දක්වා ජපානයේ නිෂ්පාදිත පහත වර්ගයේ මෝටර් රථ මෙම නැවත ගෙන්වීමේ ක්‍රියාවලියට අයත් වන අතර, මීට අදාල ලැයිස්තුව පහතින්,

Avalon

Camry

Corolla

RAV4

Lexus

ES250

ES300H

ES350

RX350

Highlander

Sienna

Hybrid

ඉහත සඳහන් වාහන වර්ගවල කුඩා සිරුරකින් යුතු වැඩිහිටියන් සහ දරුවන් මෝටර් රථයේ ඉදිරිපස අසුන්ගෙන සිටියදී එම වායු බැලූන ක්‍රියාත්මක නොවන බවට ටොයෝටා මෝටර් රථ සමාගමට පැමිණිලි රැසක් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

ටොයෝටා මෝටර් රථ සමාගම විශේෂ තීරණයක් ගනී.. | About Toyota Motor Car Spacial Disision

මේ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සිය පාරිභෝගිකයන්ට ඔවුන් මිල දී ගත් 2020 සිට 2022 දක්වා කාලය ඇතුළත නිෂ්පාදිත ඉහත කී වර්ගවල මෝටර් රථ නැවත භාර දෙන මෙන් ඉල්ලීමක් කරනු ඇති බවයි .