රුසියන් යුද්ධයේදී මියගිය ලාංකිකයන්ට වන්දියක්..

By Piyumika Jul 10, 2024 05:00 AM GMT
Report

රුසියානු - යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 464ක් ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසා සිටියේ .

අද ඔබේ ගමන් වලට බාධාවක් වෙන්න පුළුවන් මේ දේ ගැන ඔබ දනුවත්ද?..

අද ඔබේ ගමන් වලට බාධාවක් වෙන්න පුළුවන් මේ දේ ගැන ඔබ දනුවත්ද?..

ඒ අනුව ඔහු සඳහන් කළේ, රුසියාවට ගිය පුද්ගලයින් සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැක බවයි .

"බොහෝ අය ඉන්දියාවට හෝ මැද පෙරදිග රටවල්වලට ගිහින් තමා රුසියාවට ගිහින් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ලංකාවෙන් රුසියාව ගියා ද කියන එක ගණනය කරන්න අපහසුයි. නමුත් පැමිණිලි ආවේ 464 දෙනෙකුගෙන් විතරයි. ඒ නිසා මුලික ඒ අය ගැන කතා කරනවා."

රුසියානු - යුක්‍රේන යුද්ධයේදී මියගිය අය සඳහා වන්දියක් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීමට එකඟතාවට පළ වූ බවඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

මැලේසියානු ගමන් බලපත්‍රයකින් වියානා යන්න ගිය අයෙක් අත්තඩංගුවට ..

මැලේසියානු ගමන් බලපත්‍රයකින් වියානා යන්න ගිය අයෙක් අත්තඩංගුවට ..

"මේ අය රුසියාවට ගියාට පස්සේ ආරක්ෂක අංශ එක්ක ගිවිසුම් ගතවෙලා තියෙනවා රුසියානු හමුදාවට එක්වෙලා සටන් කරන්න. ඔවුන් ඒ ගිවිසුම් ගැන දැනුවත් නෑ කියන එක තමා අපිට දැනුවත් කරලා තිබුණේ. හැබැයි මේක නීතියානුකූලව වලංගු ගිවිසුමක්. දැනට අපිට පවුල්වල අය දැනුම්දීලා තියෙනවා 126ක විතර සම්බන්ධ කරගැනීම අපහසුයි කියලා. ඒකෙන් අදහස් වෙනනේ නෑ ඔවුන් මියගිහින් කියලා."