ඊලග මැතිවරණයේදී මොකක් වෙයිද.. දේශපාලන පක්ෂ රැසක් දැඩි අර්බුදයක ...

Election Commission of Sri Lanka Sri Lanka Politician Sri Lanka Sri Lanka General Election 2024
By Piyumika Oct 13, 2024 03:35 AM GMT
Piyumika

Piyumika

Report

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දී තිබෙන අපේක්ෂකයන් රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද නාම යෝජනා භාර දීම නිසා, පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පක්ෂ රැසකට කොට්ඨාස නියෝජනය කිරීමට මන්ත්‍රිවරු නොමැති වීමේ තත්ත්වයක් මතු වී ඇතැයි අනාවරණය වේ.

පොඩි වැඩකට රාත්‍රියේ නිවසින් පිටතට පැමිණි දැරියට සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය..

පොඩි වැඩකට රාත්‍රියේ නිවසින් පිටතට පැමිණි දැරියට සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය..

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දී තිබෙන අපේක්ෂකයකුට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාරදීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවැසීය. මෙහිදී වන්නේ පළාත් පාලන මැතිවරණයේදී අදාළ කොට්ඨාසය නියෝජනය කිරීමට දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අපේක්ෂකයකු නොමැති වීම පමණක් බවද ඔහු කීවේය.

මැතිවරණයේදී අදාළ කොට්ඨාසයේ සිටි අපේක්ෂකයාට ඡන්දය දුන්නත් ඊට අදාළව වෙනත් අපේක්ෂකයකු නම් කිරීමට නොහැකි බවද සභාපතිවරයා පැවැසීය. එමෙන්ම මියගිය අපේක්ෂකයකු වෙනුවට අදාළ නාම යෝජනා ලැයිස්තුවට වෙනත් අයකු ආදේශ කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේ ය.

මෙහෙමත් පාලිකාවක්..ආබාධිත දරුවන්ට කරලා තියන අපරාදයක්..

මෙහෙමත් පාලිකාවක්..ආබාධිත දරුවන්ට කරලා තියන අපරාදයක්..

පළාත් පාලන මැතිවරණ පනතට අනුකූලව බාරදුන් නාම යෝජනා පත්‍රයක් අවලංගු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

අධිකරණයෙන් ලබා දී තිබෙන නියෝගය අනුව මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම යැයිද සභාපතිවරයා කීවේය.

සැමියා විකුනපු වී මිටිය මොකක්ද කියලා බලද්දී බිරිදට දෙවියෝ සිහි වෙලා..කඩේ මුදලාලිත් පෙර පිනක් පල දීලා කියලා හිතලා..

සැමියා විකුනපු වී මිටිය මොකක්ද කියලා බලද්දී බිරිදට දෙවියෝ සිහි වෙලා..කඩේ මුදලාලිත් පෙර පිනක් පල දීලා කියලා හිතලා..

පළාත් පාලන මැතිවරණය කල් යෑම හේතුවෙන් නාම යෝජනා භාරදුන් ඇතැම් අපේක්ෂකයන් මේ වන විට මියගොස් ඇති අතර, ඇතැම් අපේක්ෂකයෝ විවිධ රැකියා සඳහා විදෙස්ගතවී සිටිති.ඇතැම් අපේක්ෂකයන් දේශපාලනයෙන් ඉවත්ව ඇතැයි ද අනාවරණ වේ. එමෙන්ම පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විට අක්‍රිය තත්ත්වයේ පවතින බවද අනාවරණය වේ.